“එක්ස්ප්‍රස් පර්ල්” අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

0
530

කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අත්අඩංගුවට ගන්නැයි හාබර් මාස්ටර්වරයාට නියොගයක් නිකුත් කළ කොළඹ වානිජ මහාධිකරණ නැව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ද නිකුත් කළේය.

මැදපෙරදිග සිට ට්‍රියිකෝ සමාගම මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ගෙන් වූ විවිධ වර්ගයේ භාණ්ඩ ඇතුළත් බහලුම් හයක් විනාශවීම හේතුවෙන් ට්‍රියිකෝ සමාගමට සිදුව ඇති ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක පාඩුව අයකර දෙන්නැයි ඉල්ලා ටයිකෝ සමාගම ගොනුකළ පෙත්සමක් සලකා බැලූ අධිකරණය එලෙස නියම කළේය.

මෙම නඩුව ලබන 21 වැනි දා කැඳවීමට නියම කළ අධිකරණය නැවේ හිමිකාර සමාගමට එහි දේශීය නියෝජිත සමගම ඇතුළු වගඋත්තර කරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින්නැයි ද නියෝග කරමින් නොතිසි නිකුත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here