ඇමති බැසිල්ට තවත් බලතල

0
272

වත්මන් මහ බැංකු අධිපතිවරයා වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයේ සිටින සමයේ ඔහු යටතේ පැවැති මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවාසය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශයේ සියලු කාර්ය භාරයන් සහ බලතල මුදල් අමාත්‍යංශයට පවරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

මෙම නව බලතල පැවරීම මඟින් මුදල් අමාත්‍යංශයේ සුවිශේෂී ප්‍රමුඛතාවයන් ඉහළ ගොස් තිබෙන අතර එම අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුව ව ඒ අනුව ඉහළ යනු ලබනවා.

ඒ අනුව භාණ්ඩාගාර කටයුතු, රාජ්‍ය ආදායම් කලමණාකරණ කටයුතු, බැංකු හා මූල්‍ය ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රතිපත්ති නියාමනය, අරමුදල් කලමණාකරණය මෙන්ම ඈවර කිරීමට හෝ වෙනත් ආයතනය හා ඒකාබද්ධ කිරීම වැනි දේවල්ද මුදල් අමාත්‍යංශය යටතට පැවරී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here