ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අඟහරුවාදා ශ්‍රී ලංකාවට

0
564

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන දින පහක නිල සංචාරයක් සඳහා එළඹෙන අඟහරුවාදා (12) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුවයි.

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here