උතුරු පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

0
344

ජීවන් ත්‍යාගරාජා මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබේ.

මේ වන විට මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ජීවන් ත්‍යාගරාජා මහතා එම ධුරයෙන් ඉවත් වීමේ කොන්දේසි මත අදාළ පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති අතර ජනාධිපති ලේකම්වරයා විසින් ඒ බව ත්‍යාගරාජා මහතාට ඊයේ ලිපියක් මගින් දන්වා තිබිණි.

ජීවන් ත්‍යාගරාජා මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත් වී ආණ්ඩුකාර ධුරය බාර ගැනීමට සූදානම් බවයි.

ඒ අනුව ඉදිරියේදී ඔහු මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට නියමිතය. ඉන් පසු උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයේ වැඩ බාර ගනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here