විසඳුම් නොලැබුනොත් සේවයට වාර්තා කරන්නේ නෑ – ගුරැ විදුහල්පති වෘත්තීය සමිති

0
326

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට යළිත් පාසල් ආරම්භ කරන ලබන 21 වැනිදාට පෙර විසඳුම් නොලැබුණහොත් එදින සේවයට වාර්තා නොකරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි වාර්තා වේ.

අපේ ජන බල පක්ෂය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කිරීම, නීතිවිරෝධී ලෙස පිරිස් එක්රැස් කිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අපේ ජන බල පක්ෂය පොලීසියෙන් ඉල්ලා සිටී.

ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වන අතර පෙරේදා දිනයේදී ද ගුරුවරුන් රට පුරා විරෝධතා සංවිධානය කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here