ජල,විදුලි බිල් ගෙවීමට තවත් මාස දෙකක සහන කාලයක්..

0
406

ජලගැලීමෙන්, නායයාම්වලින් සහ සාලාව යුද හමුදා කඳවුරේ ඇතිවු හදිසි තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවගේ නිවාසවල ජල සහ විදුලිය බිල්පත් ගෙවීමට මීට පෙර ලබාදී තිබූ සහන කාලයට අමතරව තවත් මාස දෙකක සහන කාලයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (16) දිනයේ සිට අදාළ සහන කාලය හිමිවන බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම, එම ජනතාව ලීසිං පහසුකම් මත ලබාගෙන තිබූ රථවාහනවලට අදාළ වාරික සහ බැංකු ණය වාරික  මාස දෙකක ප්‍රමාදයක් සහිතව ගෙවා දැමීමට හැකි බවද මුදල් අමාත්‍යවරයා පවසනවා.

ගංවතුරෙන් සහ නායයාම්වලින් ආපදාවට ලක්වු ජනතාවට ජලය සහ විදුලිය බිල්පත් ගෙවා දැමීම සඳහා මීට පෙරද රජය මාසයක සහන කාලයක් ලබාදී තිබුණා.

මීට අමතරව ජල ගැලීමෙන් විපතට පත් කොලොන්නාව ප්‍රදේශයේ ජනතාව වෙත රුපියල් 10,000 ක අත්තිකාරම් මුදලක් ලබාදීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 380 ක මුදලක්, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත ඊයේ පස්වරුවේ මුදාහැර ඇති බවද මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here