ගිනිගත් නැවේ සුන්බුන් ඉවත් කිරීමට ප්‍රමාද වන නිසා ශ්‍රී ලංකාව තවත් අවදානමක

0
312

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අනතුරට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම මේ මස අගදී හෝ නොවැම්බර් මස මුලදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිණී නීතීඥ දර්ශනී ලහදපුර නෙත් නිවුස් වෙත කියා සිටියේ මේ වන විට මුහුදුබත් වී ඇති නෞකාවේ අබලි ද්‍රව්‍ය සුනුබුන් තත්ත්වයට පත්ව ඇති බවයි.

එම අබලි සුන්බුන් තත්ත්වයන් හේතුවෙන් මෙතෙක් පැවති පරිසර හානිය තවදුරටත් ඉහළ දමන තත්ත්වයකට පැමිණෙනවාදැයි දැඩි අවධානයකින් කටයුතු කරන බව ඇය කියා සිටියා.

මේ වන විට නෞකාව පිළිබඳ විමර්ශණ සහ පරීක්ෂණ කටයුතු අංශ 05 ක් යටතේ සිදුකරමින් තිබෙනවා. ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්ව අනතුරට පත්වූයේ ඉකුත් මැයි මස 24 වනදා මධ්‍යම රාත්‍රියේයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here