වාහන ආදායම් බලපත් පරීක්ෂාවේදී දින කීපයක් සහන සලසන ලෙස පොලීසියට උපදෙස්

0
505

මහජන ආරක්ෂක අමාත්‍යවරයා අද කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට පැමිණි අවස්ථාවේ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක් රැස්වී අමාත්‍යවරයා හමුවේ සිය වාහන ආදායම් බලපත් ගැටලුව ගැන කරුණු ඉදිරිපත් කළහ.

මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳවැටීම් හේතුවෙන් මේ දිනවල වාහන ආදායම් බලපත් නිකුත් කිරීම සීමිතව සිදු කෙරේ.මේ හේතුවෙන් තමා අපහසුතාවට පත්ව ඇතිබවයි ජනතාව පෙන්වා දුන්නේ.

ඒ අනුව අමාත්‍ය සරත් වීරසේකර මහතා ඔවුන්ට පැවසුවේ වාහන ආදායම් බලපත් පරීක්ෂා කර දඩ පැනවීම දින කීපයකට ප්‍රමාද කරන ලෙස පොලිසිය ට උපදෙස් දෙන බවයි. අමාත්‍ය වරයා ඒ මොහොතේම අදාල බලධාරීන් ට ඒ පිලිබඳව දැනුම් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here