Sunday, September 22, 2024

ජනපති ස්වයං විවේචනයක – මගේ අතිනුත් වැරදි වෙන්න ඇති

පසුගිය වසර දෙකේදී සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් ස්වයං විවේචනයක් සහිතව ඉදිරි වසර තුන තුළ සෞභාග්‍යයේ දැක්ම නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා කැපවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය එකඟත්වයකට පැමිණ ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම එකඟතාවය ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේම යෝජනාවකට අනුවය.

‘පසුගිය කාලයේ මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති. ඇමැතිවරුන්ගෙන්ද අඩුපාඩු වෙන්න ඇති. ස්වයං විවේචනයක් තුළ අඩු පාඩු මගහැර ඉදිරි වසර තුනේදී එකතුවෙලා වැඩ කරමු ’ යනුවෙන් ජනාධිපතිවරයා යෝජනා කර තිබේ.

ඊළඟට කථාකළමුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා
“අපෙනුත් අඩුපාඩු වෙන්න ඇති. ඒ නිසා හිත් රිදවීම් වෙන්න ඇති. ජනාධිපතිතුමා කිව්වා වගේ අපි ඒ
සියල්ල අමතක කරලා එක කණ්ඩායමක් හැටියට ඉස්සරහට යමු” යැයි යෝජනා කර තිබේ.

එම යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුමද අදහස් පළකරමින් කතාබහ සනාථ කර තිබේ.

පසුගිය වසර දෙකේදී සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් ස්වයං විවේචනයක් සහිතව ඉදිරි වසර තුන තුළ සෞභාග්‍යයේ දැක්ම නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා කැපවීමට ජනාධිපති කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟවී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles