ඇමරිකාවට යන්න පුළුවන් මේ එන්නත් ගත්තොත් විතරයි

0
285

ඇමෙරිකානු ඖෂධ නියාමකයින්ගේ හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කොවිඩ් 19 එන්නත් ලබාගත් විදෙස් සංචාරකයින්ට රට තුළට පැමිණීමට ඇමරිකා එක්සත් ජනපදය අවසර ලබා දී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති ඕනෑම එන්නත් වර්ගයක් භාවිතා කර ඇති, පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට ඇමරිකාවේ සංචාරය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මීට අමතරව ඇමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ ආයතනය විසින් අනුමත කර ඇති එන්නත් ලබාගත් පුද්ගලයන්ටද ඇමරිකා‍වේ දොරටු විවෘත වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ දක්වා එන්නත් වර්ග 06 කට හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. ෆයිසර්, මොඩර්නා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම් සහ සයිනොවැක් එම එන්නත් වර්ග වේ.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය තවමත් ලබා දී නොමැති අතර ඒ අනුව ස්පුට්නික් එන්නත් ලබාගත් පුද්ගලයන්ට ඇමරිකාවට ඇතුළුවීමට අවසර හිමි නොවේ.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් සහ සයිනොවැක් එන්නත් ලබාගෙන ඇති පුද්ගලයන්ට රටවල් රැසකට ඇතුළුවීමට අවස්ථාව නොලැබෙන බවට පසුගිය කාලයේදී වාර්තා වූ අතර මේ නිසා මෙරට තුළ බහුල ලෙස භාවිතා කළ සයිනොෆාම් එන්නත් ලබා ගැනීම ඇතැම් පුද්ගලයන් විසින් ප්‍රතික්ෂේප කර තිබුණා. කෙසේ නමුත් ඇමරිකාව විසින් චීන එන්නත් ලබාගත් පුද්ගලයන්ටද දොරටු විවෘත කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here