කොරෝනාවෙන් පසු වැඩිම සංචාරකයන් පැමැණීම සැප්තැම්බරයේ

0
541

2020 මාර්තු මාසයේදී කොරෝනා වෛරස් ආසාදිතයින් ශ්‍රී ලංකාවෙන් හදුනා ගැනිමට පටන් ගැනීමෙන් අනතුරුව මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව පසුගිය සැප්තැම්බර් මාසයේදී වාර්තා වී තිබෙනවා.

රටවල් 19කින් පැමිණි එම සංඛ්‍යාව 13,547ක් ලෙසයි සටහන් වන්නේ.

මේ අතුරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 8,251කි.

මීට අමතරව ජර්මානු සංචාරකයන් 466ක් මෙරට සංචාරය කර ඇති අතර එක්සත් ජනපදයෙන් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 309ක්.

කොරෝනා වසංගතය මෙරට ආක්‍රමණය කිරීමත් සමග 2020 අප්‍රේල් මාසයේදී රට සහමුලින් වසා දැමුණු අතර එතැන් පටන් නොවැම්බර් මාසය දක්වා මාස අටක කාලය තුළ කිසිදු සංචාරකයෙක් මෙරටට පැමිණ නැහැ.

මේ වසරේ ජනවාරි මාසයේ සිට සංචාරකයින් යම් ප්‍රමාණයක් මෙරටට පැමිණියද වැඩිම සංචාරකයින් සංඛ්‍යාව වාර්තා වන්නේ සැප්තැම්බර් මාසය තුළයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here