Sunday, September 22, 2024

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් පුද්ගල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට…

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් පුද්ගලයෙකු එල්ල කළ මාරාන්තික ප්‍රහාරයකින් ඊයේ (16) ජීවිතක්ෂයට පත් වුණා.

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය නියෝජනය කරන ජෝ කොක්ස් නමැති ඇය යෝක්ෂෙයර් ප්‍රාන්තයේ – බර්ස්ටෝල්හි දී මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරයකට සහ වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇති බව සදහන්.

ඇසින් දුටූවෙකු පවසා ඇත්තේ බ්‍රිතාන්‍යයට මුල්තැන ලබාදෙන ලෙස ප්‍රහාරකයා හඬ නැගූ බවයි.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු ද යන්න පිළිබද ජනමත විචාරණයක් පැවැත්වෙන අතර, මෙය යුරෝපා සංගමය සමග තවදුරටත් කටයුතු කිරීමට එරෙහි පුද්ගලයෙකුගේ ප්‍රහාරයක් ලෙස සැලකිය හැකියි.

41 හැවිරිදි ජෝ කොක්ස් 1990 වසරෙන් පසු ඝාතනයට ලක්වූ ප්‍රථම බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles