පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි ද ?

0
308

නව පනතක් සම්මත කිරීමකින් තොරව පැරණි ක්‍රමයට හෝ පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි යන්න නීතිපති මතය බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් දැනට පවතින පනත අහෝසි කළ ද නව පනතක් සම්මත කර නොගෙන කුමන ක්‍රමයකට හෝ පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බවයි.
දීර්ඝ කාලයක් තිස්සේ මහජන නියෝජිතයින් නොමැතිව ක්‍රියාත්මක වන පළාත් සභා සඳහා ඡන්දයක් පැවැත්වීම අවශ්‍ය වුවත් ඊට බාධාව එම නීතිමය තත්ත්වය බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා කාරක සභා සාමාජිකයින්ට පෙන්වා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here