කොටි නායක කේ.පී. පළමු වරට කිලිනොච්චියෙන් එළියට එයි! ප්‍රභාකරන්ගේ වත්කම් ගැන කතා කරයි ගෝඨා දූරදර්ශී නායකයෙක් බව පවසයි

0
573

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර නායකයා වන කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් දිගු කලකට පසු පළමු වතාවට ඊයේ දිනයේ කිලිනොච්චියේ උත්සවයකට සහභාගී වෙමින් කරලියට පැමිණ තිබේ.

ඒ, කිලිනොච්චි සෙංචෝලේ ප්‍රදේශයේදී ළමා නිවාසයක පැවැති උත්සවයකදීය.

මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාද සහභාගී වී සිටියේය.

මෙහිදී ‌ජාතික ගීය දමිල භාෂාවෙන් ගායනා කරනු දැකගත හැකි විය.

මෙම අවස්ථාවේදී මාධ්‍යවේදීන් කොටි සංවිධානයේ වත්කම් පිළිබදවද කේපීගෙන් කරුණු විමසීමට පියවර ගෙන තිබිණි.

මෙහිදී ඔහු පවසා සිටියේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යනු දූරදර්ශී නායකයෙක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here