යොහානි සල්මන් ඛාන් සමග ඉන්දීය රියැලිටි වැඩසටහනකට

0
466

“මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ලොව පුරා මිලියන සංඛ්‍යාත රසික හදවත් දිනූ ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි ඉන්දීය රියැලිටි තිරයට ද පිවිසෙනවා.

ඒ ඉන්දියාවේ අතිශතය ජනප්‍රිය රියැලිටි ටෙලිවිෂන් වැඩසටහනක් වන බිග්බොස් නවතම කලාපයට විශේෂ ආරාධනාවක් ලැබ එක්වීමෙන්.

බිග්බොස් රියලිටි වැඩසටහනේ 15 වන කලාපය දැන් දිගහැරෙන්නේ බොලිවූඩ්  නළු සල්මාන් ඛාන් සමගයි.

මේ සති අන්තයේ යොහානි එම වැඩසටහනට එක්වන අතර, ඇය සල්මාන් ඛාන් සමග මැණිකේ මගේ හිතේ ගීතය ගායනා කිරීමට උත්සාහ කරන ප්‍රවර්ධන වීඩියෝවක් ද ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

යොහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය මේ වනවිට යූ ටියුබ් නාලිකාවේ නැරඹුම්වාර දාහතර කෝටි පනස් හය ලක්ෂ පනස් හතර දහස ඉක්මවා තිබෙනවා.

https://youtu.be/1GwkOPfgyxc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here