දින ගණනාවකට පසු කොවිඩි මරණ 30 ට බසී

0
305

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 29 දෙනකු  ඊයේ   (8) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 13,296 දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 23 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර හය දෙනෙක් අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.

එමෙන්ම පිරිමි අය 18 දෙනකුQ සහ කාන්තාවන් 11 දෙනෙකු මියගිය පිරිසට ඇතුළත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here