එයාර් ඉන්ඩියා, ටාටා සමාගමට විකුණයි

0
359

පාඩු ලබමින් සිටි ඉන්දියාවේ ජාතික ගුවන් සේවාව වන “එයාර් ඉන්ඩියා” එරට විශාලතම ව්‍යාපාරික සමාගම ලෙස සැලකෙන ටාටා සමූහයට විකුණා තිබේ.

ඒ, ඉන්දීය රුපියල් කෝටි 18,000 ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4 ක මුදලකට වේ. ටාටා සමුහය විසින් 1932 දී එයාර් ඉන්දියා ගුවන් සමාගම පිහිට වූ අතර ඉන්දීය රජය විසින් 1953 දී එය ඔවුන් යටතට පවරා ගනු ලැබීය.

එයාර් ඉන්දියා ගුවන් සමාගම මෑතකාලීනව දිගින් දිගටම පාඩු ලැබූ අතර සමාගමේ කොටස් විකිනිමට උත්සාහ දැරුවද එය ද සාර්ථක නොවීය. මේ වන විට එයාර් ඉන්දියා ගුවන් සේවා සමාගම සතුව ඇති ගුවන් යානා සංඛ්‍යාව 141කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here