ෆොන්සේකාගෙන් දයාසිරිට ප්‍රබල තනතුරක්

0
443

මහජන ආරක්ෂක අමාත්‍ය ධූරය සඳහා නව නමක් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ආණ්ඩුවට යෝජනා කළා.

ඒ ඊයේ (8) පාර්ලිමේන්තුවේ අමතමින්.

මන්ත්‍රීවරයාගේ යෝජනාව

එහිදී ෆොන්සේකා මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට යෝජනා කළේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ නමයි.

මන්ත්‍රීවරයා එම තනතුර සඳහා රාජ්‍ය අමාත්‍යවරයාගේ නම යෝජනා කළේ ඊට හේතුද පෙන්වමින්.

යෝජනාවට හේතු

ඒ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වන සරත් වීරසේකර මහතා පිස්සෙක් වගේ දොඩවන පුද්ගලයකු බැවින්.

එපමණක් නොව වීරසේකර මහතා අද කටයුතු කරන්නේ වදුරට දැලිපිහිය හමුවුණ ආකාරයට සියල්ල විනාශ කරමින් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

එම නිසා එම වගකිවයුතු ධුරය සඳහා ආණ්ඩුවෙන් පත්කර ගැනීමට වෙන කෙනෙකු නැද්දැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා ඒ සඳහා ජයසේකර මහතාගේ නම යෝජනා කළා.

රාජ්‍ය අමාත්‍යවරයා සභා ගැබේ

ඒ අවස්ථාවේ දයාසිරි ජයසේකර මහතාද සභා ගැබේ සිට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් දයාසිරි ජයසේකර මහතාගෙන් විමසීමක්ද කලා.

ඊට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද මහ ලේකම්වරයා වන ජයසේකර මහතා සඳහන් කළේ තමා ඒ අවස්ථාවේ ලිපියක් සකසමින් සිටි බවත් ෆොන්සේකා මහතාගේ යෝජනාව තමාට ඇසුණු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here