වෛද්‍යවරුන්ගේ කාර්යභාරය ඉටු කිරීමට වෛද්‍යවරුන්ට ඉඩදිය යුතු බවත් දේශපාලනඥයින්ගේ කාර්යභාරය දේශපාලනඥයින් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. එසේ නොවන විට අසීරුතාවට පත්වන්නේ ජනතාව බව ද ඔහු සඳහන් කරයි. ප්‍රමුඛතාව කුමක් දැයි හඳුනා ගැනීමට ආණ්ඩුවට හැකියාවක් තිබිය යුතු යැයි ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.