Saturday, September 21, 2024

ප්‍රමිතියෙන් තොර මාස්ක් ඉවතට

නිසි ප්‍රමිතියකින් තොර මුහුණු ආවරණ අලෙවිය නතර කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවධානය යොමුව ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

අද වන විට මුහුණු ආවරණ අත්‍යවශ්‍ය භාණ්ඩයක් වී හමාරය. පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ මුහුණු ආවරණ සදහා ඇති ඉල්ලුම දැවැන්ත ලෙස ඉහළ ගිය බැවින් ඒ සදහා දේශීය නිශ්පාදකයන් බොහොමයක් තම ආයෝජන මුහුණු ආවරණ නිශ්පාදනය සදහා යෙදවීය.

මෙම තරගකාරීත්වය හමුවේ මේ වන විට නිසි ප්‍රමිතියකින් තොර මුහුණු ආවරණ නිශ්පාදනය සහ අලෙවිය වැඩි වී ඇත. මෙම ප්‍රමිතියකින් තොර මුහුණු ආවරණ භාවිතය නිසා කොඩිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනයද ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති බව වෛද්‍යවරු පවසයි.

මෙම නිසා මාර්ග අසල සහ වෙලදපොලේ විකිණීමට ඇති නිසි ප්‍රමිතියකින් තොර මුහුණු ආවරණ අලෙවි කරන ස්ථාන වැටලීමට පාරිභෝගික සේවා අධිකාරිය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියෙන් තොර මුහුණු ආවරණ අලෙවිය ඉදිරියේදී නතර කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග තවදුරටත් සදහන් කරයි.

තවද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඇති බව ව්‍යාජ ලෙස සකස්කර වෙළඳපොළට මුහුණු ආවරණ නිකුත්වී ඇති බවට ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැමිණිලි ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන්ද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇති මුහුණු ආවරණ නිෂ්පාදන පහත සැබැදියට පිවිස ලබා ගන්න.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles