ගතවූ වසර 5 ට සුවසැරියට ලැබුණු ඇමතුම් ලක්‍ෂ 44 කට වැඩියි

0
345

සුවසැරිය හදිසි ගිලන් රථ සේවයට ගතවූ පස් වසර තුළ ඇමතුම් හතළිස් හතර ලක්‍ෂ හතළිස් දහස් දෙසීය අනූවක් (4,444,290) ලැබී ඇතැයි එම සුවසැරිය පදනමේ ප‍්‍රධාන විධායක නිලධාරි ෂොහාන් ද සිල්වා මහතා පැවැසීය.

එමෙන්ම මෙම ගතවූ කාලය තුළ හදිසි අවශ්‍යතා සඳහා සුවසැරිය ගිලන් රථ සේවය අවස්ථා නව ලක්‍ෂ හැටපන්දහස් එකසිය තිස් පහකදී (965,135* පමණ මහජනතාව වෙනුවෙන් පිහිට වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ෂොහාන් ද සිල්වා මහතා

‘‘සුවසැරිය 1990 අංකයට දවසකට ඇමතුම් 1000 ක් විතර ලැබෙනවා. නිවසේදී සිදු වූ අනතුරුවලට ලක් වූ පුද්ගලයන්, මහම`ග සිදුවන අනතුරුවලදී තුවාල ලබන පුද්ගලයන්, හදිසියේ රෝගාතුර වන පුද්ගලයන් සම්බන්ධයෙන් ඇමතුම් ලැබෙනවා. ප‍්‍රතිකාර කළහැකි රෝගීන්ට අපේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ප‍්‍රතිකාර කරනවා. රෝහල්ගත කළ යුතු අය රෝහල්ගත කරනවා.

ඒ වගේම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සුළු සුළු අසනීපවලට නිකරුණේ 1990 ට කතා කරන්න එපා කියලා.

මේ සේවාව සපයන්න සුවසැරිය හදිසි ගිලන් රථ 297 ක් තියෙනවා. 1394 දෙනකුගෙන් සමන්විත සේවක ම`ඩුල්ලක් සුවසැරිය හදිසි ගිලන් රථ සේවාවේ සේවා සපයනවා.

සුවසැරිය ගිලන් රථ සේවය 2016 දී ආරම්භ වූ බවද හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here