සීඅයිඩියට එරෙහිව නීතිඥ සංගමය උසාවි යයි!

0
310

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සැකකරුවන් හමුවීමේ දී නීතිඥවරුන්ට එහි ඇතැම් නිලධාරීන්ගෙන් සිදුවෙතැයි කියන බලපෑම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර ඇත.

එවැනි අවස්ථා ගණනාවක් වාර්තා වීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය මෙම තීරණය ගෙන ඇති අතර ඉදිරියේදී එම නඩු පැවරීම සිදු කිරීමට නියමිතය.

සිය සේවාදායකයන් වෙත ප‍්‍රවේශයක් ලබා ගැනීමේ දී නීතිඥ වෘත්තීය අයිතිවාසිකම් සහ සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් අවස්ථාවල බරපතළ ලෙස උල්ලංඝනය වීමක් සිදුවන බවත් එහෙයින් මෙම මූලික අයිතිවාසිකම් නඩුව හරහා ඊට විසඳුමක් ලබාගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමක් සිදු කිරීමට තීරණය කර ඇති බවත් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවසීය.

දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here