කිරිපිටි වලට හෙට සිදුවන දේ..ගෑස්,සිමෙන්ති තීර්ණාත්මකයි

0
290

වරායෙන් නිදහස් කරන ලද ආනයනික කිරිපිටි හෙට සිට වෙළඳපොළට නිකුත් කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සාමාජික ලක්ෂ්මන් වීරසූරිය කියා සිටියේ මේ වනවිට අදාළ කිරිපිටි තොග ඇසුරුම් කරමින් සිටින බවයි.

රුපියල් 250කින් ඉහළ නැංවෙන කිරිපිටි කිලෝග්‍රෑමයක නව මිල වන්නේ රුපියල් 1195ක්. ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100කින් ඉහළ ගිය අතර, එහි නව මිල රුපියල් 480ක් වනවා.

ආනයනික කිරිපිටි මෙන්ම දේශීය කිරිපිටි මිලද ඉහළ දැමීමට සිදුවන බව මිල්කෝ සමාගම ද ප්‍රකාශ කළා.

එම සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසේකර කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ දේශීය කිරිපිටි නිෂ්පාදන පිරිවැය ද ඉහළ ගොස් ඇති බැවින් මෙලෙස දේශීය කිරිපිටි මිල ඉහළ නැංවිය යුතු බවයි.

මේ අතර, ගෑස්, සිමෙන්ති සහ තිරිඟු පිටි මිල නව මිල ගණන් හෙට දිනයේදි ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

පාලන මිල ඉවත් කිරිමත් සමඟ සිමෙන්ති කිලෝග්‍රෑම් 50 ක මිටියක් රුපියල් 97 කින් ඉදිරියේදී ඉහළ යනු ඇති බවටයි වාර්තා වන්නේ.

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 ත් 12 ත් අතර මිලකට ඉදිරියේදී ඉහළ යාමට නියමිතයි.

කෙසේ වෙතත්, ගෑස් සම්බන්ධයෙන් මේ වනවිටත් නිශ්චිත මිලක් තීරණය වී නොමැති අතර, ඒ පිළිබඳව සමාගම් අතර පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව වැඩි වන මිල පිළිබඳව තීරණයක් ගනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here