සැප්තැම්බර් 25 වන දා විවෘත කරන ලද කටුනායක ගුවන්තොටුපළ පී.සී.ආර්.රසායානාගාරය මේ වන විට අක‍්‍රීය වී ඇති බව පැවසේ.
පැයකට 500 ක ධාරිතාවයෙන් දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 7000 ක් කිරීමේ හැකියාව මෙම රසායනාගාරය සතුව ඇති බව රජය පැවසුවේය.
පී.සී.ආර් පරීක්ෂණයක් සදහා ඩොලර් 40 ක මිලක් අය කරගනිමින්, ගුවන් තොටුපල හරහා මෙරටට ඇතුළු වන පුද්ගලයන් පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීම හා පැය තුනක් වැනි කෙටි කාලයකින් වාර්තා ලබා දීම මෙමගින් අපේක්ෂා කර තිබුණි.
කෙසේවෙතත් වන විට එම රසායනාගාරය කි‍්‍රයාත්මක මට්ටමක නොපවතී. කෙසේවෙතත් ක්‍රමයෙන් පිසිආර් කිරීම නතර කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවට දොස් පසුගිය දා විවිධ පාර්ශව චෝදනා ද එල්ල කළේය.