මන්නාරමෙන් සොයාගත් අවි තොගය පොලීසිය භාරයට

0
666

එල්.ටී.ටී.ඊ.ය සතු යයි පැවසෙන යුද උපකරණ තොගයක් මන්නාරම මඩු පළාතේ පාලම්පිඩ්ඩි ප්‍රදේශයේ වළලා තිබියදී වන්නි ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් ගොඩ ගෙන තිබේ.

ගුවන් හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ගොඩ ගත් එම යුද උපකරණ තොගය අතර බිම් බෝම්බ 74 ක්, මෝටාර් උණ්ඩ 6ක්,අත්බෝම්බ 3 ක් සහ කුඩා අත් බෝම්බයක් සමග තවත් යුද උපකරණ රැසක් තිබූ බව ද සදහන්.

එල්.ටී.ටී.ඊ.ය විසින් පවත්වා ගෙන ගිය යුද බංකරයක් යට එම යුද උපකරණ තොගය වළලා තිබූ අතර මේ වන විට එම ප්‍රදේශය වල් බිහි වී ඇත.

ගුවන් හමුදා නිලධාරීන් එකී යුද උපකරණ තොගය ගොඩ ගැනීම පිණිස මන්නාරම දිස්ත්‍රික් අධිකරණයෙන් නියෝගයක් ලබා ගෙන තිබූ අතර ඒවා ගොඩ ගන්නා අවස්ථාවේ මන්නාරම දිසා විනිසුරුවරයා සහ පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිටියහ.

යුද උපකරණ ගොඩගැනීමෙන් පසුව විනිසුරුවරයා නියෝග කළේ ඒවා පොලිසියට භාර දෙන ලෙසයි.

ශ්‍රී ලංකා පොලිසිය එම යුද උපකරණ පිළිබඳව පූර්ණ වාර්තාවක් සකසා යළි අධිකරණය වෙත තොරතුරු ඉදිරිපත් කළ අවස්ථාවක යුද හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රීය ආංශය වෙත ඒවා භාර දෙන ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here