පිළිස්සී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගනී

0
300

‍හංවැල්ල ප්‍රදේශයේ තානායමක් අසල තිබී පිළිස්සී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයගෙන තිබේ.

අද (10) උදෑසන අදාළ මළ සිරුර සොයාගත් බව හංවැල්ල පොලීසිය පැවසුවේය.

එම තානායම ඉදිරිපිට ගල් බංකුවක් මත තිබී මළ සිරුර සොයගෙන ඇති අතර මියගිය පුද්ගලයා නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි අයෙකු බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම පුද්ගලයා ඊයේ (09) පස්වරුවේ තානායමට පැමිණ එහි නවාතැන්ගෙන ඇති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර මිරිහාන කිඹුලාවල ඇළේ තිබී හමුවූ නාඳුනන පුද්ගල මළ සිරුර සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

කිඹුලෙකු විසින් ඩැහැගෙන යමින් තිබූ අදාළ මළ සිරුර සම්බන්ධයෙන් ලද තොරතුරත් මත නාවික හමුදා නිලධාරින් විසින් එම මළ සිරුර ගොඩගෙන තිබූ අතර මියගොස් ඇත්තේ වයස අවුරුදු 40 පමණ පුද්ගලයෙකු බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here