පළාත් සභා මැතිවරණය පවත්වන්න බැසිල් සූදානම්

0
327

පළාත් සභා මැතිවරණය ලබන වසරේ මුල පැවැත්වීමට හැකි බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහතිකයක් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මේ බව මැතිවරණ විශේෂ කාරක සභාවට දැනුම් දුන් බව හෙතෙම කියා සිටියේය.

ඒ අනුව 2022 පළමු කාර්තුවේදී පළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වෙන බව ද මනෝ ගනේෂන් සඳහන් කරයි.

කෙසේ වුව ද පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව නීතිපතිවරයා විසින් මැතිවරණ විශේෂ කාරක සභාවට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here