නිසි සැලැස්මක් නොමැතිව පළාත් සීමා පැනවිම මඟින් මගී ජනතාව මංකොල්ලකෑමකට ලක් වෙලා – ගැමුණු විජේරත්න

0
309

නිසි සැලැස්මක් නොමැතිව අන්තර් පළාත් සීමා පැනවිම මඟින් මගී ජනතාව අපහසුතාවට පත්වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. පළාත් අතර සංචරණ සීමා 21 වනදා දක්වා දීර්ඝ කර තිබුනද මේ වනවිටත් අත්‍යවශ්‍ය සේවා බවට සඳහන් කරමින් පෞද්ගලික බස් රථ 1000 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වන බවද ඔහු සඳහන් කළා. ඒ අනුව එම බස්රථවලින් අසාමාන්‍ය ලෙස මුදල් අයකිරීමක් සිදු කරන බවට මගීන්ගෙන් විවිධ පැමිණිලි ලැබෙමින් බවතින බවද  ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා. ක්‍රමවත් සැලැසමක් නොමැතිව අන්තර් පළාත් සංචරණ සීමා දැමීම තුළින් මගී ජනතාව මංකොල්ලකෑමකට ලක්වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here