ලංකා සතොසට මාසයක් තුළ රුපියල් බිලියන 4 ක අලෙවි ආදායමක්

0
296

වසර 06 කට පසුව ලංකා සතොස රුපියල් බිලියන 4 කට ආසන්න අලෙවි ආදායමක් ඉකුත් මාසයේදී උපයා ඇතැයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඒ අනුව ලංකා සතොස ඉතිහාසයේ මසකදී ලැබූ වැඩිම ආදායමද මෙය බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මෙම වසර අවසාන වීමට පෙර ලංකා සතොස අලෙවිසැල් පිහිටා නොමැති ප්‍රදේශවල එම අලෙවිසැල් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා. 2022 වසර අවසන් වන විට සතොස ප්‍රසිද්ධ ලයිස්තුගත සමාගමක් බවට පත්කිරීමට කටයුතු කර බවත් ඒ මඟින් කොටස් වෙළඳපොළ තුළ ගණුදෙනුවන සමාගමක් බවට පත්වෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here