රජය ආනයනය කරන පළමු සහල් තොගය අද (11) මෙරටට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යංශය පවසනවා.
වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය දා තීරණය කළා.
ඒ අනුව සහල් කිලෝවක් රුපියල් 100ට අඩුවෙන් ජනතාවට සැපයීම සිදුකරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා සඳහන් කළා.