තෙල් මිලත් වැඩි වෙයි ?

0
318

දැනට පැන නැගී ඇති තත්වය හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක්ද උද්ගතව ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාගේ අවධානයට යොමු කර ඇති බවයි කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා සඳහන් කළේ.

පසුගිය දින කිහිපය තුළ මෙරට ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමක් සිදුවූ අතර ඉදිරියේදී ඉන්ධන මිලද ඉහළ දැමීමක් සිදුවුවහොත් සෙසු භාණ්ඩ වලද මිල යාමක් බලාපොරොත්තු විය හැකියි.

” අගෝස්තු 31 වෙනිදා වෙන විට ඛණිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 70ක පාඩුවක් ලබනවා. මෙම පාඩුව මගහරවා ගන්න නම් අප පළමුව සිදුකළ යුතු දේ වන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමයි. මම ඇමතිතුමාගෙන් මේ ගැන අවදානය යොමු කරන ලෙස ඉල්ලා සිටියා” යැයි සභාපතිවරයා කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here