තලේබාන් බලපෑමෙන් ඇෆ්ගනිස්තානයේ එකම ක්‍රීඩා රූපවාහිනියත් වැසීයයි.

0
312

ඇෆ්ගනිස්තානයේ එකම ක්‍රීඩා රෑපවාහිනී නාලිකාව වූ ත්‍රී ස්පෝට්ස් නාලිකාව සිය විකාශන කටයුතු නවතා දමා තිබේ.

තලේබාන් සංවිධානය විසින් මාධ්‍යයට එරෙහි පනවා ඇති සීමා සහ ආර්ථික අර්බුද හේතුවෙන් මෙම තීරණය ගත් බව එම නාලිකාවේ බලධාරීන් සදහන් කරයි.

දශකකට ආසන්න කාලයක් ඇෆ්ගනිස්තානය තුළ විකාශන කටයුතු පවත්වාගෙන ගිය ත්‍රී ස්පෝට්ස් නාලිකාව එරට තුළ ක්‍රීඩාව නගා සිටුවීම සදහා විශාල මෙහෙවරක් කළ ජනමාධ්‍යයක් ලෙස සැලකේ.

එම නාලිකාව හරහා අයිපීඑල් ක්‍රිකට් තරග විකාශය කිරීම ද පසුගියදා තලේබාන් සංවිධානය විසින් තහනම් කරනු ලැබුවේ එහිදී කාන්තාවන්ගේ නර්තන අංග ඇතුළත් වන බව සදහන් කරමිනි.

මෙි අතර, අන්තර්ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව තලේබාන් සංවිධානය බලයට පැමිණීමත් සමග ඇෆ්ගනිස්තානයේ මාධ්‍ය ආයතන 150 කට ආසන්න සංඛ්‍යාවක් ආර්ථික සහ වාරණයට සම්බන්ධ ගැටලු හේතුවෙන් වැසී ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here