Monday, September 23, 2024

වියට්නාමයේ ගව ඝාතකාගාරතුළ කෘර වදහිංසා

 

වියට්නාමය තුළ ගව ඝාතනයේදී හිසට එල්ල වන මාරක කුළුගෙඩි පහරකට එම සතුන්ට මුහුණදීමට සිදුවීමේ ක්‍රෑර වදහිංසනයක් පිළිබඳ අනාවරණය වී තිබේ.

සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ඔස්ට්‍රේලියාවේ, ඇනිමල්ස් ඔස්ට්‍රේලියා සංවිධානය පෙන්වා දෙන්නේ, මේ දැවැන්ත කුළු ගෙඩියෙන් අහිංසක ගවයන්ගේ හිසට පහර පහකට ආසන්න ප්‍රමාණයක් එල්ල කෙරෙන බවයි.

එහිදී, මේ අමානුෂික කුළුගෙඩි පහර එක දෙකෙන්ම බොහෝ සතුන් මාරාන්තික වේදනාවකින් කෑමොරදී බිම වැටෙන බවත්, එසේ වැටෙන සතුන් මිය යනතුරුම ඒ කුළු ගෙඩි නොනවත්වා ක්‍රියාත්මක වන බවත් එම සංවිධානය පවසයි.

විශේෂයෙන්ම මෙසේ මරා දැමෙන සතුන්ගෙන් බොහෝ එළගවයන් ඔස්ට්‍රේලියාවෙන් එරටට අනයනය කළ සතුන් වීම තුළ මේ සඳහා ඔස්ට්‍රේලියාවද මැදිහත් වී තිබේ. මෙම අනාවරණයත් සමග ඔස්ට්‍රේලියානු රජය ඒ පිළිබඳ විශේෂ පරීක්ෂණයක්ද ඉල්ලා තිබේ.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles