ඉන්දීය ධීවරයින්ගේ පීඩන වැඩිවෙයි

0
303

ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවට පැමිණීම නතර කරන ලෙසත් උතුරේ ධීවරයින්ට ඔවුන්ගෙන් සිදුවන හානි නවතා දමන ලෙසත් ඉල්ලමින් යාපනයේ වඩමරච්චි ධීවරයින් ඇතුලූ‍ තවත් ධීවරයින් පිරිසක් අඛණ්ඩ උපවාසයක් වඩමරච්චි මුහුදු වෙරළේදී 10 දා ආරම්භ කොට තිබේ.

ඉන්දීය ධීවරයින් පිරිසක් යාපනයේ ධීවරයින් හතර දෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණයක් ඉටු නොවූ බව කියමින් මේ ධීවරයෝ උපවාසය ආරම්භ කොට තිබේ.

යාපනයේ ධීවරයෝ කොටස්වලට බෙදී මෙම උපවාසය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කොට ඇති අතර තවත් ධීවර නියෝජිතයින් පිරිසක් ධීවර අමාත්‍යවරයා ධීවර අධ්‍යක්ෂවරයා හා නාවික හමුදා නිලධාරීන් හමුවීමට පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here