Monday, September 23, 2024

OnePlus 3 විශේෂාංග නිකුත් වෙයි

ලෝකයේ ස්මාට්ෆෝන් රසික පිරිස් අතර අතර අලුතින්ම බිහිවුණු රසික සමාජය ලෙස OnePlus රසික සමාජය දැක්විය හැකිය. එම රසික සමාජයේ මීළඟ ඒකායන බලාපොරොත්තුව මීළඟ වසර වෙනුවෙන් නිකුත් වන ස්මාට්ෆෝන් විශිෂ්ටයා වන OnePlus 3 නිකුතුවය. තවමත් කටකතාවක් ලෙස පවතින මුත් සාක්ෂි සාධක සහිතව ඔප්පු වූ ලෙස බොහෝදුරට OnePlus සමාගම සිය නව දරුවා නිකුත්වීම පිළිබඳව නිල නිවේදනයක් එළැඹෙන ජූනි 18දා පවසනු ඇත. ඒ නිසා ඉදිරි සති කිහිපය මේ පිළිබඳව තවත් බොහෝ කටකතා  සහ ඕපදූප නිකුත් වන සතියක් වනු ඇත. මේ වන විට නිකුත් වූ විශ්වාස කළ හැකි පුවත් සේවා කිහිපයක් අනුව OnePlus 3 හි සංයුතිය කුමක් වේදැයි දැනට තොරතුරු මෙසේ ගොනු කළ හැකිය. – ඒ අනුව OnePlus3 හී සෙල්ෆි කැමරාවේ සේයාරූ සාම්පලයක්ද අන්තර්ජාලයෙන් සොයාගත හැක. A3000 සහ A3003 ලෙස මොඩලයන් දෙකකින් නිකුත් වන අතර ඒ මතක ධාරිතා අනුව සිදු කළ සංස්කරණයන් දෙකක් ලෙස දැක්විය හැකිය. බැටරිය පැයකට මිලි ඇම්පියර් 3000කට සකසා තිබේ. එසේම එය OnePlusටම ආවේණික OxygenOS3.1.0 මෙහෙයුම් පද්ධතියෙන් නිකුත් වනු ඇති අතර ඇන්ඩ්‍රොයිඩ් මගින් බලගැන්වෙනු ඇත. –

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles