ශ‍්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම තව නොබෝ දිනකින් ප්‍රකාශ කෙරේ

0
339

දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවලිය සඳහා සහභාගි වීමට නියමිත ශ‍්‍රී ලංකා කණ්ඩායම තව නොබෝ දිනකින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජාතික පැසිපන්දු තේරීම් කමිටුව ප‍්‍රකාශ කර සිටී.

ක‍්‍රීඩකයන් 61 ක් දෙනකුගේ සහභාගිත්වයෙන් පසුගිය දින 14 ක කාලය පුරා තරගාවලියට අදාළ පුහුණුවීම් සිදු කළ අතර එම ක‍්‍රීඩකයන් 61 ක්

දෙනාගෙන් 15 දෙනකු තරගාවලිය සඳහා තෝරා ගැනීමට නියමිත වේ.

දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවලිය ලබන මාසයේ බංග්ලාදේශීයේ ඩකාහිදී පැවැත්වීමට නියමිත අතර ශ‍්‍රී ලංකාව සමග බංග්ලාදේශය, භූතානය, නේපාලය, ඉන්දියාව සහ මාලදිවයින එහිදී තරග වැදීමට නියමිත වේ.

අදාළ තරගාවලයේ පළමු ස්ථාන තුන දිනා ගන්නා කණ්ඩායම් ආසියානු කුසලාන පැසිපන්දු තරගාවලියේ පූර්ව තරග සඳහා සුදුසුකම් ලබනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here