මිලියන දෙකේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බලයි

0
334

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්කළ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ ග්‍රාම සේවා වසම් 14,022 හි විශේෂ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද රුපියල් මිලියන දෙකේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියෙහි ප්‍රගතිය සොයා බැලීම පිළිබඳ සාකච්ජාවක් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(12) දින පැවැත්විණි.


අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මෙම සාකච්ජාවට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පිරිසක් ද එක් වූහ.


එම ව්‍යාපෘතිය සඳහා මහ නගර සභා,  නගර සභා හා ප්‍රාදේශීය සභා තුළින් මාර්ග සංවර්ධන ව්‍යාපෘති යෝජනා 30,941 ක් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී තිබේ.


සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකින්ම ප්‍රමුඛතාවය මත කිලෝ මීටරයකට අඩු මාර්ග නම්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අදාළ යෝජනා අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන්නැයි අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබිණි. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම කඩිනම් කරන්නැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.


අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පවතින ගැටලු හඳුනා ගැනීම හා එම ගැටලු නිරාකරණය කර ගනිමින් ග්‍රාමීය ජනතාව විසින් ඉල්ලීම් කර ඇති මෙම ග්‍රාමීය මාර්ග යෝජනා කඩිනම් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි.


ප්‍රධාන මාර්ගයකට ප්‍රවේශ වන, ආර්ථිකමය වශයෙන් ඉහළ වටිනාකමක් ඇති, ග්‍රාමීය ජනතාව වැඩි වශයෙන් භාවිතා කරන කිලෝ මීටර් එකකට අඩු ග්‍රාමීය මාර්ගයක් ප්‍රමුඛතාවය මත කොන්ක්‍රීට් හෝ කොන්ක්‍රීට් කුට්ටි ගල් ඇතිරීම සඳහා රුපියල් මිලියන දෙකක මුදලක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකට ලබාදෙනු ඇත. 


මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන්, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති ඩී.පී.එම්.චන්දන, ව්‍යාපෘති අධ්‍යක්ෂිකා මංගලා ගුණරත්න ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here