යළිත් කොරෝනා රැල්ලක්

0
308

නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ජනතාව වෛරසයෙන් ප්‍රවේශම්වීම ඉතාමත් අඩුමට්ටම වැටී ඇතැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

මෙලෙස ජනතාව කටයුතු කළහොත් ඉදිරියේදී නව කොවිඩ් පොකුරු ඇතිවීමේ අවදානමක් මතු විය හැකි බව ඔහු පැවසීය.

මුව ආවරණය, නිතර අත්සේදීම මෙන්ම මීටර් 2ක දුර තබාගෙන කටයුතු කිරීම යන සෙ$ඛ්‍ය පිළිවෙත ගැන ජනතාව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

ඊට අමතරව එකට එක්රැස්වී කෑම බීම ගැනීම සහ වායුසමනය කරන ලද ස්ථාන හැකිතාක් මඟහැර කටයුතු කිරීම යනාදී සෞඛ්‍ය පුරුදු දිගටම අනුගමනය කිරීමද ඉතාමත් වැදගත් බව ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here