Saturday, September 21, 2024

කෝටි 02ක දුම්වැටි සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන් කණ්ඩායමක් විසින් 2021.10.11 වන දින කැළණිය පොලිස් වසමේ ගෝනවල, කොහොල්විල මාර්ගයේ දී නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද GOLD MOUNT වර්ගයේ දුම්වැටි 6800ක් සමඟ වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 21ක් හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව කැලණිය, ගෝනවල, කොහොල්විල මාර්ගයේ නිවසක් සෝදිසි කිරීමකට ලක් කර නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද PLATINUM වර්ගයේ දුම්වැටි 219000 ක් හා MANCHESTER වර්ගයේ දුම්වැටි 38400 ක් සමග එම නිවසේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව රුපියල් කෝටි 02කට ආසන්න වටිනාකමකින් යුත් රජයේ අවවාදය සටහන් කර නොමැති නීති විරෝධී දුම්වැටි 264200 ක් සමඟ සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කැලණිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles