Sunday, September 22, 2024

ලංකා ළූණූ වලට හොඳ මිලක්

දේශීය ලොකුලූනු කිලෝවක් සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී රු.150ක ඉහළ මිලක් ලැබී තිබෙන බවත් ඉදිරි සති කිහිපය වන විට දේශීය ලොකු ළූණූ කිලෝව රු.200 ඉක්මවා යා හැකි බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති U.B ඒකනායක මහතා පවසනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අනුරාධපුර, පොළොන්නරුව සහ මාතලේ යන දිස්ත්‍රික්ක වල දේශීය ලොකු ළූනු ගොවීන් සිය අස්වැන්න මේ දිනවල රැගෙන ඒම සිදු කරනු ලබනවා.

දේශීය ලොකු ළූණූ කිලෝවක ගැණුම් මිල රුපියල් 130 සිට 150 දක්වා වූ මිල ගණන් යටතේ මිලදී ගැනීම් සිදු වෙන බව ගොවීන් පවසනවා.

විදේශීය රට වලින් ලොකු ළූණූ ගෙන්වීමේදී කිලෝවකට රුපියල් 40ක බදු මුදලක් අයකිරීමට රජය පසුගියදා තීරණය කිරීමත් සමඟ දේශීය ලොකු ළූණූ ගැනුම් මිල ඉහළ ගිය බව ව්‍යාපාරිකයන් පෙන්වා දෙනවා.

විදේශීය රටවලින් ගෙන්වා ඇති ලොකු ළූණූ කිලෝවක් ද මේ දිනවල රුපියල් 140ත් 150ත් අතර මිලකට අළෙවි වන බව ලොකු ළූණූ ආනයනය කරනු ලබන ව්‍යාපාරිකයින් පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles