Sunday, September 22, 2024

කාන්තාවන් Blackmail කිරීමට එරෙහිව නව නීති

කාන්තාවන් බියපත් කර මුදල් හා වෙනත් අයුතු ප්‍රයෝජන ගැනීමට තැත්කිරීමේ සිදුවීම්වලට අදාළව නීති සකස් කිරීම ආරම්භ කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා කියාසිටියේ කාන්තාවන්ට බියෙන් සැකයෙන් තොරව ඔවුන්ගේ කටයුතු කරගත හැකි වටපිටාව නිර්මාණය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ එහිදී අවධානය යොමු කරන බවයි.

උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ කාන්තා පොලිස් නිළධාරිනියන් 15 දෙනෙකු සමඟ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

නියෝජ්‍ය පොලිස්පතිවරියන් 03 දෙනා සහ කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් 12 දෙනෙකු මෙම සාකච්ඡාවට එක් වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles