අභ්‍යාසලාභී උපාධිධාරීන්ට පණිවිඩයක්

0
270

ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ බඳවාගනු ලැබූ 58,000 ක් වන අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම සදහා පත් කර ඇති විශේෂ කැබිනට් අනුකාරක සභාව, එහි සභාපති අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පෙරවරුවේ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ දී රැස් වී තිබෙනවා.එම කැබිනට් අනුකාරක සභාවේ දෙවන රැස්වීම මෙයයි.මෙහි සාමාජිකයින් වන්නේ සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන (සභාපති), රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්ය.ඊයේ පැවැති රැස්විමට එම අමාත්‍යවරු මෙන්ම අදාළ අමාත්‍යාංශ නිලධාරීහු ද සහභාගි වූහ.අභ්‍යාසලාභී උපාධිධාරීන් අනුයුක්ත කර සිටින එක් එක් අමාත්‍යාංශවල, එම උපාධිධාරීන් ස්ථිර කිරීම සදහා වන ප්‍රගතිය මෙම රැස්විමේ දී තවදුරටත් විමසා බැලූ බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here