2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයට ශ්‍රී ලංකාවද කැමැත්තෙන් – BBC වාර්තා කරයි

0
271

2026 වසරේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවද කැමැත්තෙන් පසුවන බව BBC ලෝක සේවය වාර්තා කරනවා.

ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ ඉන්දියාවද එලෙස කැමැත්ත පළ කර ඇති රටවල් අතරට අයත්.

කෙසේ වෙතත් මේ දක්වා කුමන රටකට සත්කාරකත්වය ලබාදෙන්නේදැයි අවසන් තීරණයක් ගෙන නැහැ.

ලබන වසරේ මුලදී එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

2022 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ එංගලන්තයේ බර්මිංහැම් නුවරදීයි.

2018 වසරේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය සඳහාද ශ්‍රී ලංකාව තරග වැදුණු අතර එහිදී එය හිමිවූයේ ඔිස්ට්‍රෙිලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here