ජනතාව හැමදාම හිතුවේ බඩ ගැන විතරයි – සාගර කාරියවසම්

0
757

නිදහස ලබා අවුරුදු 70 ක් තිස්සේම ජනතාව බඩ ගැන පමණක් සිතුවා මිස රට ගැන සිතා වැඩ නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා. ලෝක ආර්ථිකය ඇත්තේ නීති රීති දමා පාලනය කිරීමට නොහැකි තත්ත්වයක බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

බඩ ගැන සිතන ගමන්ම රට ගැනත් නොසිතුවොත් අනාගතය ගැන නොසිතා බඩ ගැන සිතා කටයුතු කළේ යැයි අනාගත පරපුර අපට සාප කරනු ඇති බවත් ඒ මහතා පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ පැවසීය.

ලෝක ආර්ථිකය මේ වනවිට අර්බුදයක ඇති බවත් ශ්‍රී ලංකාවටද එය බලපාන බවත් පැවසූ ඔහු ලෝක ආර්ථික තත්වය ශ්‍රී ලංකාවට පාලනය කළ නොහැකි එකක් බවද කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here