උදය ගම්මන්පිල ජූලි 01 දක්වා රිමාන්ඩ්

0
387

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පාගොඩ පිහිටි ඔහුගේ කාර්යාලයේදී අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් මගින්  ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත පසුගිය දා පැමිණියා. ඉන්පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුලි මස 01 දක්වා රිමාන්ඩ් ගත කරණු ලැබුවා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here