ජනපතිගේ ප්‍රකාශය ගැන ඇමති ඩලස්ගෙන් පැහැදිලි කිරීමක්

0
694

සහල් මොල් හිමියන් විසින් සහල් මිල ඉහල දැමූ බවට වන අසත්‍ය මතයක් නිර්මාණය කිරීමේ උත්සහයක ආණ්ඩුව නිරත වෙමින් සිටින බවට සමගි ජනබලවේගය චෝදනා කළා.

විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සි අලවතුවල මහතා මේ බව කියා සිටියා.

මේ අතර භාණ්ඩ රැසක මිල ඉහල යාම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අදත් අදහස් පළ කළා.

මේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සහ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ යන මහත්වරුන්.

මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා.

ගෙවුණු කාලය තුල සිදුවූ ඇතැම් වැරදි සහ අඩුපාඩු නිවැරදි කරගත යුතුයි යන ස්ථාවරයේ ආණ්ඩුව සිටින බවත් එය ජනතාවට පක්ෂපාතීත්වය මිස ආණ්ඩුවේ දුර්වලකමක් නොවන බවත් ඩලස් අලහප්පෙරුම මහතා අද අවධාරණය කලා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා අනුරාධපුරයේදී කළ ප්‍රකාශය පදනම් කරගනිමින් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here