ඉන්දීය යුද හමුදා ප්‍රධානි හා ජනපති අතර හමුවක්

0
266


සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන මහතා අද (13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව දින 05ක සංචාරයක් සඳහා මනෝජ් මකුන්ද් නාරාවන මහතා ඊයේ (12) දිවයිනට පැමිණියේය.

අද උදෑසන 11.30ට ඉන්දීය යුද හමුදා ප්‍රධානීයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ ආරක්ෂක ප්‍රධානීන් හමුවීමට ද නියමිත බව වාර්තා වේ. 

ඉන්දීය හමුදා ප්‍රධානි මනෝජ් මුකුන්ද් නාරාවන මහතා එළඹෙන හෙට (14) සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තුවේ 38 වන සංවත්සර උත්සවයට සහභාගී වීමට ද නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here