Friday, November 15, 2024

වසංගතයෙන් පසු සාගතයක් එනවා.පවතින තෙල් මිලත් වැඩි කරනවා

ලෝකයේ වසන්ගතයකින් පසු හැමදාම පැමිණ ඇත්තේ සාගතයක් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙරට නිෂ්පාදනය කල නොහැකි ඉන්ධන ගෑස් ආදී භාණ්ඩවල මිල ලෝක වෙළෙඳ පොළේ මිල මත තීරණය වීම අනිවාර්ය බවත් ඒවා මෙරටට පාලනය කළ නොහැකි බවත් ඒ මහතා පවසයි.

දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල් වල අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල දැනටද ශ්‍රී ලංකා ට වඩා බොහෝ ඉහළ බව ද ඔහු පෙන්වා දෙයි.

මේ තත්ත්වය මත අනිවාර්යෙන්ම ඉන්ධන මිල ගැලපුමක් කිරීමට සිදුව තිබෙන බවත් දැනටමත් මසකට රුපියල් කෝටි 1000 ක පමණ අලාභයක් සංස්ථාව ලබමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

ඊයේ කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles