Friday, November 15, 2024

පොසොන් පොහොය හෙට

ශ්‍රී ලාංකිකයන්ට බුදුදහමේ උතුම් හර පද්ධතීන් ලැබුණු පොසොන් පොහොය හෙටයි. බුද්ධ වර්ෂ 236 පොසොන් පුර පසළොස්‌වක පොහෝ දා අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලක්‌දිව ථෙරවාදී බුදු සමය හඳුන්වා දුන්හ. ඒ අනුව අප මෙවර සමරන්නේ මහින්දාගමනයේ 2323 වැනි වර්ෂයයි. උන්වහන්සේ සමඟ ඉට්‌ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලා සතර නමකි. ෂඩ් අභිඥලාභී සුමන සාමනේරයන් වහන්සේත් භණ්‌ඩුක නම් අනාගාමී උපාසකත් යන රාජකීය ධර්ම දූත පිරිස මෙහි වැඩම කළහ. මෙම මහින්දාගමනය සිදුවූයේ තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක්‌ වශයෙනි.

මොග්ගලිපුත්ථතිස්‌ස මහ රහතන් වහන්සේගේ උපදෙස්‌ පරිදි ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රාහකත්වයෙන් පැවති එම ධර්ම සංගායනාවේ වැදගත් ප්‍රතිඵලය වූයේ “එතෙක්‌ දඹදිව සීමිත ප්‍රදේශයක පමණක්‌ පැවති බුqදුදහම එවකට දැන සිටි රටවල් නවයකට ධර්ම දූතයන් මාර්ගයෙන් ප්‍රචාරය කොට හැරීමයි” ඒ අනුව ලක්‌දිව කෙරෙහි අවධානයක්‌ යොමුකළ ධර්මාශෝක අධිරාජයා ස්‌වකීය පුත්‍රයා වූ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ රාජකීය දූත පිරිසක්‌ මෙරටට පිටත් කර එවීම සිදුවන්නේ මෙවන් උතුම් පොහෝ දිනයේදීය.

මහින්දාගමනයෙන් පසු ලක්‌වැසි බෞද්ධ ජනතාව වෙත අත් වූ ප්‍රතිඵල මෙතෙකැයි කිව නොහැකිය. ඇදහිලි හා විශ්වාස ස්‌වභාවය වෙනස්‌ වීම, නව සංස්‌කෘතියක්‌ ගොඩනැගීම, ආගමික හා වාර්ගික වශයෙන් එකමුතු බවක්‌ ඇතිවීම, ආගමික ප්‍රබෝධය, ලෙන් පූජා සහ ආරාම පූජා කිරීම සිදුවීම, දානමය පිංකම් සිදුකිරීම හා ඔවුන්aටම ආවේනික වූ ශිෂ්ටාචාරය ගොඩනඟා ගැනීම යනාදිය ඒ අතර වැදගත් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles