බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම ලබන 26 වනදා

0
364

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම ලබන 26 වනදා දක්වා සති දෙකක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.

වාහන බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතිය යාවත්කාලීන කිරීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය සඳහන් කලේ.

කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර ලබා දීම හා දෙසැම්බර් 31 දක්වා කාලය තුල ලබා ගත යුතු බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝබර් 27 දින සිට ක්‍රියාත්මක වන පරිදි තෝරාගත් දින වලදී බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුව හා කළුතර, ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්වලට අදාළව සියලූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සිදු කෙරෙනු ඇති.

ඒ අනුව පසුගිය ජූලි මාසයට පෙර හා ජූලි – අගෝස්තු – සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල කල් ඉකුත්වන බලපත්‍ර සඳහා නොවැම්බර් 30 වනදා දක්වා බලපත්‍ර ගැනීමට කාලය වෙන්කර තිබෙනවා.

මෙම වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර දෙසැම්බර් 31 වන දිනයට පෙර ලබාගත යුතු වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here